Thursday, February 28, 2013

සිහින සිත්තම 14

සිහින සිත්තම 14දුවෙ ඔයාට නිමල් අන්කල්ගේ දුවගේ වෙඩින් එකට යන්න වෙනවා. දවස් දෙක තුනක් එහෙ ඉන්න වෙයි. අම්මා එහෙම කියනකොට මගේ දාඩිය දලා තිබුනු මුහුනට හිම වැටුනා වගේ සනීපයක් දැනුනා. ඒත එක්කම ලොකු හුස්මක් පිටවුනා. ඇයි දුවෙ ඔයා යන්න කැමති නැතිද?


නෑ අම්මෙ නිවාඩු දවස් හින්දා මම යන්නම්. මටත් ගෙදරට වෙලා ඉදලම එපා වෙලා තිබුනෙ. නුවන්ත මොනවා කියයිද දන්නේ නැ. ඒත් නුවන්ත එනකම් ගෙදර ඉන්නවට වඩා හොදයි කාත් එක්ක හරි කථා කරන්න තියෙනවනම්. මෙ පාලුව මැකිලා යාවි.

මම හිමින් මිදුලෙ තිබුණු බංකුවෙ වාඩිවුනා. ඈතින් පෙනෙන කුදුවැටි වලින් අපූරු සිත්තම් මැවිලා පෙනෙනවා. හුළගට ඇදිලා එන වලාකුලු ඒ කදු මුදුන්වල එකතු වෙනාවා. හරියට ගෙදරක පියස්ස වගේ ඒ හැම කදුගැටයක් උඩම පුංචි පුංචි වලාකුලු කැටිති එක්වෙලා කදුගැට වලට හෙවන දෙනවා. ඒත් හමාගෙන එන හුලගට වලාකුලු පාවෙලා යනවා ඒ වෙලාවට විතරක් ඉර හෙමින් කදු ගැට දිහා බලනවා.

ඇත්තටම ජීවිතෙත් ඒ වගේ නුවන්ත හරියට වලාකුලු වගේ ඒත් එයා නැති වෙලාවට අම්මලා ඉර වගේ. සොබා දහමෙ හැම දෙයක්ම අපේ ජීවිතෙය බද්ධ වෙන්නෙ මොන තරම් අපූරු විදිහටද. සචිනි අක්කි ඔයා මොකද මෙතනට වෙලා කරන්නේ. නංගිගේ කෑ ගැහිල්ලත් එක්ක මම හැරිලා බලනකොටයි දැක්කෙ කෙල්ල මගේ ලගටම වෙලා ඇස් කරකවා කරකවා බලන් ඉන්නවා.

අක්කි මොනවද ඔයා කල්පනා කරන්නේ? ඇයි ඔච්චර දුකින් ඉන්නේ? ඔයාට අසනීපයක්ද?

අනේ නෑ නංගි මම අර කදු උඩින් තියෙන වලාකුලු දිහා බලන් හිටියේ ඔයා දැක්කද ඒවා කදු වලට හෙවන දෙන හැටි.

හපො මෙයා සහිත්‍ය කාමිනියක් වෙලානේ අක්කි. මට ඔවා තේරෙන්නේ නෑ අනේ. ඔයා ඉස්කොලේ පටන් ගන්නකන් ඉන්නේ දුකින් නේද? මට තේරෙනවා ඔයාගේ මූන දිහා බැලුවම.

ඇයි නංගි ඔයා එහෙම කියන්නේ?

නෑනෑ අරයා දැකගන්නත් ලැබුනේ නෑනේ.

නංගි කා ගැනද ඔයා කියන්නේ.......................

හෙටත් හමුවෙමු සිහින සිත්තමෙන්......................

Monday, February 18, 2013

සිහින සිත්තම 13


මම ගෙදරට ගොඩවුනා විතරයි. මම දැක්කෙ පුටුවට බරවෙලා අප්පච්චිත් එක්ක ලොකු කථාවක ඉන්න නිමල් අන්කල්. මම දැක්ක ගමන් නිමල් අන්කල් හිනාවෙලා දුව දැන්ද ආවෙ කියලා ඇහුවට මට මොකක්දෝ සැකයක් වගේම බයකුත් හිතට ආවා. නිමල් අන්කල් අප්පච්චිත් එක්ක කිව්වද දන්නේ නෑ ටවුන් එකේදි වුන දේ.

ඔව් අන්කල් ක්ලාස් ගිහින් එන ගමන් කියාගෙනම මම හිමින් සීරුවෙ කාමරයට වැදුනා. අනේ දෙවියනේ කියන්නනම් එපා. මේ වෙන කොට කියලද දන්නෙත් නෑ. හැබැයි ඉත්න් නිමල් අන්කල් නොකියා ඉන්න එකකුත් නෑ. මම කාමරෙ ජනේලය ඇරලා එළිය බැලුවා. ගෙදර ඉස්සරහින් ඇති ටූනා ගහේ පුංචි සුදු මල් හිම පියලි වැටෙනවා වගේ බිමට වැටෙනවා. ගහ යට සුදු පාට පුංචි පුංචි මල් අමුතු සිතුවමක් ඇදලා.

නිමල් අන්කල් ගෙදරින් එළියට යනකම්ම මම ගෙදර කාටවත් මූණ දුන්නේ නෑ. කෑම එකත් කාමරේට ගෙන්නගෙන කෑවෙ. දූ සචිනි, අම්මගේ කට හඩත් එක්ක හදවතේ ගැස්ම වැඩි වුනා.

ඇයි අම්මෙ, මොකෝ ළමයෝ ආව වෙලාවෙ ඉදන් කාමරයටම වෙලා ලෙඩක්වත්ද. අනේ නෑ අම්මෙ මට ටිකක් නින්ද ගියා අව්වෙනෙ ආවෙ ඒ හින්දා වෙන්න ඇති. ඇයි අම්මෙ නිමල් අන්කල් ආවෙ. මගෙ කට ඉස්සර වුනාදෝ කියලා මට හිතුනා.

අහපු එක හොදයි. මම කියන්න හිටියේ නැත්තම් අමතක වෙනවා. මම ඉල්ලන් කෑවද? අපරාදේ. දැන්නම් ලෝකෙත් එක්ක කැරකෙනවා වගේ. කාටද කථා කරේ? ඇය් ඒ දැන්නම් ප‍්‍රශ්න කෝටියයි.

හෙටත් හමුවෙමු සිහින සිත්තමෙන්............

Friday, February 8, 2013

සිහින සිත්තම 12

සිහින සිත්තම 12

හිමින් හිමින් නුවර වැව වටෙට සංඝරාජ මාවත දිගේ ආව මට නුවර වැව පිසගෙන එන හුලග ගත දැවටුනා. වෙනදා මෙ හුලග ගෙනාවෙ හදවතට නැවුම් බවක් එත් අද මහ මූසලකමක්. වෙනදා මෙ හුළග සුවදයි ඒත් අද සුළගත් එක්ක ආවෙ කොක්කුන්ගේ අසුචී වල නැහැය කකාරවන පිළිණු ගඳ.

ඒ හුළගත් එක්කම වැව වටෙට හිටවලා තිබුණු මැයි මාර ගස් වල කොළ සිලි හඩින් බිමට වැටුනා. අද මමත් ඒ කොළ වගේ. අරමුණක් නැතිව ඇවදන් යනවා. තවත් හුළගකට බිම වැටිලා තිබුණු කොළ සරස් හඩින් මාවත දිගේ ඇදිලා යනවා. ඔයා ගැන මතකෙන් මගේ හිතත් ඒ විදිහටම සීරුම් දෙනවා.


නුවන්ත ඔයා ඉක්මනට නුවර එන්නකො. මම අහලා තියෙනවා කෙනෙක් එක දෙයක් ගැන හුගක් තමන්ගෙ හිතින් පතනව නම් ඒ දේ ඇත්ත වෙනවලු. මම හිමින් හිමින් පාරෙ එහා කොනට යනකොටම මගේ ෆෝන් එක රිංග් වෙන්න පටන් ගත්තා.

ඉක්මනට ෆෝන් එක අරන් බලන කොට ඒ ඔයා. නුවන්ත, ඔයාට පුලුවන්ද මාව මෙහෙම තන්කරලා ඉන්න. ඇත්තමයි මට එහෙමම කියවුනා. මටත් ඉන්න බෑ රත්තරන්. ඒත් අම්මට අසනීපයි. මට ටික දවසක් දෙන්න මම එනවා ඉක්මනට. ඒත් මම කොහොමද මෙ පාලු නුවර ඔයාගේ මූන බලන්නෙ නැතිව ඉන්නේ. සචිනි ඔයා ටික දවසක් දෙන්න මම ඉක්මනට එනවා.

හා ඉතින්. මම නුවරින් කොළඹට ඇරෙන්න ගාල්ලට ඇවිත් නැනේ. නැත්තම් එනවා හොයාගෙන. හාහා එන්නකො සචිනි මම බලාගෙන ඉන්නවා. නුවන්ත ඔයාට විහිලු නේද? ඇයි එහෙම කියන්නෙ සචිනි. මමත් ඔයා ගේ මුණ දැකගන්න බැරිව හවස බීච් එකට වෙලා බැහැගෙන යන ඉර දිහා බලන් ඉන්නේ.

කොල්ලා එහෙම කියලා දිග හුස්මක් පිට කරා. ඒක නෙමෙ සචිනි ඔයා කොහෙද ඉන්නේ. මම නුවර ටවුන් එකට ආවා නුවන්ත. ඒත් අද මෙ ටවුන් එක මහ පාලුයි. කොච්චර මිනිස්සු මෙ පාරවල් වල ඇවිද්දත් මම එක මුණක් හොයනවා. මම දන්නේ නෑ ඒ ඇයිද කියලා. සමහර විට මට හුගක් මතක් වෙන වෙලාවටම ඔයා ගන්නෙ ටෙලි පති හින්දා වෙන්න ඇති.

ඔන්න සචිනි බර වචනයක් කිව්වා. කමක් නෑ සුදු නංගි මම ඉක්මනටම එනවා දැන් තියන්නද? එපා එපා තිව්වොත් මම තරහයි. නංගි පාර බලාගෙන යනවා ෆෝන් එක කනේ ගහගෙන කොහෙද යන්නේ. මම ගැස්සිලා වට පිට බැලුවා. මම හිටියේ පාර මැද. දෙයියනේ නුවන්ත මම තියන්නම් බුදු සරණයි පරිස්සමින් ඉන්න.

මම මට නෙවෙයි වගේ එතනින් අයින් වුනා. ඒත් සුපුැදු ඇහැක් මා දිහා එල්ලවෙලා කියලා දැක්කේ ඒ වෙලාවේ. නිමල් අන්කල්.......................

සිහින සිත්තමෙන් හමුවෙමු..........................

Tuesday, January 29, 2013

සිහින සිත්තම 11

නුවන්ත ඔයා කවද්ද එන්නේ කියන්නකෝ. මට දැන් මුලු නුවරම මහ පාලුවට පෙනෙන්නේ. මටත් එහෙමමයි සචිනි. මම ඉක්මනටම එනවා. ඔයා කවද හරි නුවර ඉදන් කොළඹට ටෙ‍්‍රන් එකෙන් ඇවිත් තියේද සචිනි?නුවන්ත මම කවදාවත් ටෙ‍්‍රන් එකක ගිහින් නෑ කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද?



නුවන්ත අහන ප‍්‍රශ්නෙට මගේ කෙටි උත්තරෙත් එක්ක නුවන්තගෙන් හිනාවත් එක්කම අපුරු කථාවක් අහගන්න මට පුලුවන් උනා. අපි දවසක යමු ට‍්‍රිප් එකක්. ඒ කොහෙද නුවන්ත. අපි නුවර ඉදන් ගම්පහට ටෙ‍්‍රන් එකේ යමු සචිනි. ඔයාට වගේ මට නිහසක් තියෙනවද ටෙ‍්‍රන් එකේ යන්න. කොහොමහරි කමක්නෑ ඉක්මනට එන්න. නැත්තම් මම

හෙටත් හමුවෙමු සිහින සිත්තමෙන්..................

Tuesday, January 22, 2013

සිහින සිත්තම 10

උදෙන්ම ඉස්කොලේ එන්නේ නුවන්ත දැකගන්න. හැමදාමත් නුවන්ත ලගින් වාඩිවෙලා යාලුවො සෙට් එකගේ කථා කියන එක තමා මගේ වැඩෙ. ඒ වෙලාවට නුවන්තගේ බැල්ම හරි පුදුමයි. හරි අපූරුවට දිලිසෙනවා. හරියට පොඩි ළමයෙක්ගේ ඇස් දෙක වගේ. ඒ ඇස් වල තියෙන්නේ දෝරෙ ගලලා යන තරම් වෙන ආදරෙ විතරයි.



කොච්චර ඉස්කොලේ බස් එකේදී නුවන්තත් එක්ක කථාවට වැටුනත් මම ආස සති අන්තයට. එදාට ක්ලාස් ඉවර වෙනකම්ම් එයාලගේ ස්කූල් සෙට් එකේ පන්ති පේළිය ලගටම වෙලා අපි චිට් වලින් අදහස් හුවමාරු කරගන්නවා. ඒත් වැඩිය පිස්සු නටන්න යන්නෙ නෑ. මොකද නුවන්ත ඉගන ගන්නේ හරි අමාරුවෙන්.

නුවන්ත දෙසැම්බර් නිවාඩුවට ගෙදර ගියා. මට නුවර ඉන්න හිතක් නෑ ඒ තරම්ම මෙ පරිසරය මට එපා වෙලා. ඒ මූණ විතරක් බලන් ඉන්න තරම් කැමැත්තක් තියෙන්නේ මොකද දන්නේ නෑ. මම හිමින් ෆෝන් එකේ නුවන්තගේ නම්බර් එක ඩයල් කලා.

හෙලෝ සුදු නංගි මොකෝ මාව මතක් වුනේ දැන්ද? ඒ නුවන්ත. පපුව හුස්ම ගන්නේ නෑ වගේ තේරෙන්නේ. මට ඔයා මතක නැති නම් වෙන කවුරු මතක් වෙන්නද නුවන්ත අයියේ. ඔයාටයි මාව අමතක වෙලා තියෙන්නේ. ඇයි ගිය ගමන් මට කෝල් කරෙ නැත්තේ. මාව මතක නැතිද?

මම ටෙ‍්‍රන් එකට ආවෙ ගෙදරින් උදේ 3ට. ඉතින් නුවරින් 5 එන රුහුණු කුමාරි ටෙ‍්‍රන් එක ගාල්ලට එන්නේ දහය හමාරට විතර. මම කඩුගන්නාව පල්ලම බහිද්දි හරි ආසාවෙන් ඒ දිහා බලන් හිටියා. ගෙදර ආව ගමන් මහන්සියටත් එක්ක පුරුදු ඇදට වැටුනා විතරයි නින්ද ගියා. ඔයා කථාකරනකම්ම මම නිදාගෙන හිටියේ. මට සමාවෙනවා නේද? නුවන්තගේ ආයාචනයත් එක්ක මට මෙච්චර වෙලා තිබුණු කේන්තිය මග හැරිලා ගියා.

මට ඉතින් නුවර මැණිකෙව අමතක වෙනවද? නුවන්ත ආයෙමත් මට විහිලු කරනවා. මම උඩරට මැණිකේ කෙනෙක් නෙවි හොදද? මාව තරහ ගස්සන්එපා. අක්කි ඔයා කොහෙද ඉන්නේ අපේ නංගි මම ලගටම ඇවිත් මම ඉක්මනටම ෆෝන් එක කට් කරා. නැත්තම් නංගි මාව බ්ලැක් මේල් කරනවා. බස්එකේදි කථා කරන එකත් අම්මට කියනවා කියලා අයිස්ක‍්‍රීම් අරගන්න එකේ කෝල් කරනවා අහුවුනොත් ඉදලා හමාරයි.

නුවන්ත මම පස්සේ ඔයාට ගන්නම් අපේ නංගි ආවා. බුදු සරණයි. පරිස්සමින් ඉන්න. හිමින් හිමින් ෆෝන් එකේ අකුරු අතර ඇගිලි යවලා මම එස් එම්එස් එකක්


හෙටත් හමුවෙමු සිහින සිත්තමෙන්................

Wednesday, January 16, 2013

සිහින ස්ත්තම 9



කොල්ලාගේ මූනත් මැලවිලා. මට නම් හැබැයි හිනා යනවා. ඒත් පෙන්නන්න බෑ. කොල්ලා එහෙම උනොත් මාත් එක්ක තරහවෙයි. අනික මගේ හිතත් මට බනිනවා. හා කියපන් සචිනි. මොකද හොරෙන් බෙහෙත් ගන්නේ. මම තවත් ඉවසන්නේ නෑ නුවන්ත හින්දා මට නින්ද නැතිවුනා. ඒ මගේ හිත මට කියන දේවල්.





ඒත් මගේ හදවතේ ගැස්ම කවදාවත් නැතිව මටත් ඇහෙනවා. දැන් දොස්තර කෙනෙකුට මගේ හදවතේ ලබ් ඩබ් ශබ්දේ අහන්න ස්ටෙතස් කොප් එකක් නම් ඔන නැතිවෙයි. මට සැක ඒ ශබ්දේ නුවන්තටත් ඇහෙනවද කියලා.

සචිනි මම දන්නවා ඔයා මට කැමති නෑ කියන්නෙ බොරුවට ඔයාගේ ඇස්වලින් කියන කථාව ඊට වඩා වෙනස්. මගේ ඇස් මොනවා කියනවද කියලා ඔයා කොහොමද දන්නේ නුවන්ත. මගේ ඇස් කථා කරනවද?

ඔව් ඔය ඇස් වලින් කියන කථාව මට තේරෙනවා. ආදරෙ හැගෙන්නේ ඇස් වලින්. ඇත්තටම කියන්නේ මම ඔයාට කැමතියි. ඔයා කැමතිද නැත්ද කියලා හිතෙන් අහලා කටින් කියන්න. ප්ලීස්,

ඇත්තටම ඒ ඉල්ලීමට මට පිටුපාන්න බැරිවුනා. ඔව් නුවන්ත මම ඔයාට කැමති. මම ඔයාට ආදරෙයි. මගේ පපුව මොහොතකට නැවතිලා. වටෙ පිටෙ කව්රුවත් මට පෙනෙන්නෙත් නෑ. මට පෙනෙන්නේ නුවන්ත විතරයි. විනාඩියකින් විතර ඒ තත්වෙ හරිගියා. ඒත් හිත හරිම නිදහස් ඒ ඇයිද කියලා මම දන්නේ නෑ.

නුවන්ත මගේ ඇස්වලට එබිලා හිනාවෙනවා. ඒ අපුරු හිනාව මගේද නුවන්ත. නෑනෑ සචිනි ඒක ඔයාගේම තමා අපි දෙන්නා කථාවෙන් කථාවෙන් අම්පිටිය බස් හොල්ට් එකට එනකොට සෙට් එකම එතන. උන් සේරම දන්නවා වගේ කථාව. හිමින් හිමින් ස්කොලේ කැන්ටිමෙන් කන්න ඉතිරි කරගත්තු සල්ලි වලින් උන්ට අයිස් ක‍්‍රිම් අරන් දෙන්න වුනා. බස් එකේ ෂීට් එකත් අපි දෙන්නට දීලා උන් ඈතට වෙනවා. නියම යාලුවො සෙට් එක.......


හෙටත් හමුවෙමු සිහින සිත්තමෙන්..............

Tuesday, January 15, 2013

සිහින සිත්තම 8

        ඒ ........ හ්ම්. කොල්ලා දිග හුස්මක් පිට කරා. මගේ ආත්මයම ඒ හුස්මත් එක්ක අමුතු බරකින් මිරිකිලා ගියා. ඇත්තටම ඒ හොද වසනාවන්තියක් වෙන්න ඇති නුවන්ත. ඇස්වලට කදුලු පිරුනත් මම හිමින් කිව්වා. ඔව් එයා හුගක් වාසනාවන්තයි හැබැයි ඒ මම හින්දනම් නෙවෙ.

      එහෙනම් මගේ හරස් ප‍්‍රශ්නෙට කොල්ලා දුන්න උත්තරෙ මට ඇහුනෙත් නෑ. මොකද මම ඉන්නෙ වෙනත් ලොකෙක. මගෙත් එක්ක තරහා නැත්නම් මම කියන්නද? නුවන්ත මම මොකටද ඔයාගේ ගර්ල් ගැන කිව්වම තරහ වෙන්නෙ. මූනට මොනවා කියන්නද? මගේ හිත මගෙන්ම අහනවා. ඇත්තමයි ඒ වෙන කවුරුත් නෙමෙ සචිනි ඒ ඔයා.

         කොල්ලෙක් ඇහුව පලියට කැමති වෙන්න නරකයි බන්. එහෙම උනොත් අපි මෝඩයි කියලා උන් හිතන්නේ. පොඩ්ඩක් බෑ කියලා වටෙ යවපන්. එතකොටයි කොල්ලගේ ආදරේ අපට පෙනෙන්නේ. සිප්පි එක දවසක් දුන්නු අපූරු උප දෙසක් මට සිහි වුනා. හිත හා කියලා හිනා වෙලා කිව්වත් කොල්ලා මාව මනින්න කරන දෙයක්ද දන්නෙත් නෑ මෙ. ඒ මදිවට මගේ කකුල් දෙකත් පන නෑ.

           අපො. අමාරුවෙන් අමාරුවෙන් මම වචන ගැටගහනවා. ඇයි අපෝ කියන්නේ. නෑ නුවන්ත මම තාම ඉගන ගන්නවනේ. හිරි ඉතින් මමත් එහෙමනේ. නිමන්ත හැරෙන තැපැලෙන් කියපි. අනික..........

හෙටත් හමුවෙමු සිහින සිත්තමෙන්.....

Tuesday, January 8, 2013

ඉංදියාවෙ යමුද?

මෙ සිද්ධිය වුනේ මහනුවර වැව රවුමෙ ඉදන් පත්තරයක් බලන්න ලැස්ති වෙනකොට. පැත්තක තිබුණු බංකුවකට බර වුනා විතරයි එතනට තවත් කෙනෙක් ආවා. කඩවසම් අවුරුදු 35ක් විතර වන තරුණයෙක්. මම බලන්න ගත්තු පත්තරෙ කොටසකුත් මෙ හාදයා ඉල්ලගත්තා බලන්න. ටික වෙලාවක් යන කොට මම ආගිය විස්තර අහන්න පටන් ගත්තා. තරුණයා මුස්ලිම් ජාතිකයෙක් වගේම විවාහකයෙක්. නුවරට ඇවිත් තියෙන්නේ පාස්පොට් එක අලුත් කරගන්න. රැුකියාව වශයෙන් කරලා තියෙන්නේ මැද පෙරදිග රටක බර වාහන රියදුරෙක් වුන එක. ඒත් අවුරුදු දෙදකකින් ආයෙත් රැුකියාවට ගිහින් නෑ. දැන් ඔහු ඉන්දියාවෙ යන්න සුදානම. මීට මාස කිහිපයකට උඩදිත් ඔහු ඉන්දියාවෙ ගිහින්.
එතනින් පස්සේ වුන කථාව මෙහෙමයි.

මම: ඇයි ඉන්දියාවෙ යන්නෙ
තරුණයා: මල්ලි ඉන්දියාවෙ ගිහින් එනවා කියන්නෙ සල්ලි තමයි.
: ඒ කොහොමද?
තරුණයා: ඒවා තමා වැඩ. මමත් මෙකට අලුත් අවුලක් නෑ කරගෙන යනවා.
: කියන්න බැරි දෙයක්ද?
තරුණයා: නැහැ. මෙහෙමයි මම පවුල පිටින්ම යන්නේ. මමයි දරුවො දෙන්නයි වයිෆ් ඔක්කොම 4 දෙනයි. ඩියුටි ෆී එකෙන් එක්කෙනෙකුට අරක්කු බෝතල් තුනක්ගෙනියන්න දෙනවා. එකක් රු 1000යි මම 12ක් ගන්නවා රු 12000යි හරිනේ. ඉන්දියාවට බැහැලා ටිකක් වෙලා යනකොට බෝතලයක් ගන්න කෙනෙක් එනවා බෝතලේ විකුණන්නේ රු 7000ට. එක බෝතලේකින් මට රු 6000ක් ලාබයි. බෝතල් 12න් රු 72000ක් තියෙනවා.

: මාරයිනේ.
තරුණයා: තව මෙහෙන් සිද්ධාලේප. සබන් එහෙමත් ගෙනියනවා. එවාට ඒ වගේම ලාබයි. එහෙ දවස් 05ක් විතර ඉදලා මෙහෙට එන්නේ සාරි අරන්. එක සාරියකට සාරි 3ක් පැක් කරන්න එහෙ අය දන්නවා. ඒ සාරියකින් සාරි 2ක ටැක්ස් අයින් වෙනවා. මෙහෙ ඉන්දියන් සාරිවල ගණන් කොහොමද? එහේ 700 එකක් මම මෙහෙදි රු 5000 ගානේ විකුණනවා මගේ ලාබේ එකකින් 3000.
විතර.

තව ඔහු කියු කරුණු බොහෝමයි. මටත් හිතුනා ඉන්දියාවෙ යන්න.............

Sunday, January 6, 2013


සිහින සිත්තම 7

            මෙන්න මෙ නෝට් එක නුවන්තට දීපන් බං. මට අද ක්ලාස් එන්න වෙන්නෙ නෑ. කල්පනිට බොරුවක් කියලා නුවන්තගේ නොට් එක මම එකිගේ අතේ යැව්වා. මට ක්ලාස් යන්න හිතක් නෑ. නුවර වැව රවුම දිගේ ඔහේ ඇවිදන් යන්නමයි හිත. මුකුත් කරන්න හිතක් නෑ. නුවර වැව දිගේ ඇවිදන් ආව මම නුවර
මාලිගාවට යන්න කියලා මගේ බෑග් එක බෑග් තියන කවුලුවටත් බාරදුන්නා.

          හිමින් හිමින් මාලිගාවට ඇවිදන් යන මගේ පිටිපස්සේ සුදුම සුදු ඇදුමින් සැරසුණු උපාසක උපාසිකාවො පිළිවෙලට ශාන්ත ගමනින් එනවා. හරියට කිරි කොක්කු පෙළක් හවස කැදලි කරා පියඹලා යනවා වගේ. හිමින් මාලිගාවෙ සදකඩ පහණ ලගින් පඩි පෙළ නැගුනු මගේ පිටිපස්සෙන් සුපුරුදු කටහඩක් ඇහෙනවා. ඉක්මනට හැරිලා ඒ පැත්ත බලන්නමයි හිත කියන්නේ. ඒත් එක්කම අද ක්ලාස් කට් කරන ළමයට ආ මගෙන් නෙලුම් මල් ටිකක් ගැස්සිලා බලපු මට ඇස් අදහා ගන්න බැරිවුනා දෙයියනේ නුවන්ත.


           
             ඇයි අද ක්ලාස් එන්නේ නෑ කියලා යාලුවන් කට් කරෙ. මම බලන් උන්නේ. ඔයාගේ පිටි පස්සෙන්ම ආවා. කොල්ලා එහෙම කිව්වට මට මොනවත් කියන්න දෙයක් නෑ. මොනවා කියන්නද ෂුවර් එකටම නුවන්ත ගර්ල් එක්ක ඇවිත් ඇත්තේ. මගේ කට ඉස්සර උනා වැඩිද මන්දා කෝ ඔයාගේ ගර්ල්?............... නුවන්තගේ මූන රතු වුනා මම ඇහුවෙ වැරදි දෙයක්ද? ඇයි සචිනි ඔයා එහෙම ඇහුවෙ කොල්ලා ලැජ්ජාව වහගන්න වගේ මගෙන් එහෙමම අහපි. නෑ නෝට් එකේ හැමතැනම ගර්ල් කෙනෙක් ගැන ලියලා තියෙන්නේ ඒකයි. එයාද එයා දැන් මාලිගාවේ ඇත්තේ.

       යමු බලන්න. අනේ මට පිස්සුවක් ඇතැ ඔයාගේ ගර්ල්ව බලන්න යන්න නුවන්ත. එන්නකෝ එන්නකො එයාව අදුන්නලා දෙන්නම ඔන. එහෙම කිවු නුවන්ත මාත් එක්කම මාලිගයට ඇතුල් වුනා. ඒත් බුදුන් වැදලා මාලිගයෙන් පිට වුනත් ගර්ල් කෙනෙක් පෙන්නන්න නුවන්තට බැරි වුනා. කෝ අර ගර්ල් ඇත්තටම මම එහෙම ඇහුවෙ ඉරිසියාවෙන්.

         ඔයාට එයා දැනගන්නම ඔනද? කොල්ලා ඒ ප‍්‍රශ්නේ ඇහුවෙ මගේ ඇස් දෙකටම බර වෙලා. ඔව් ඔයා මාව විහිලුවකට ගත්තද නැත්නම්. මටත් කේන්ති. මම කියන්නම් ඒ තමයි........


හෙටත් හමුවෙමු සිහින සිත්තමෙන්

Thursday, January 3, 2013

සිහින සිත්තම 6

     
     නුවන්ත මට ඔයාගේ කෙමිස්ට‍්‍රි නෝට් එක දෙන්නකෝ. ඇයි ක්ලාස් ආවෙ නැත්තේ. අපි.... ගි..යා... ට‍්‍රිප් එකක්. හා හා ඔයාලා ට‍්‍රිප් යන්න මම නෝට් ලියන්න. මෙ පළවෙනි හා අවසාන වතාව කොල්ලා හිනා මූනත් දාගෙනම මට බස් එකේදී නෝට් එක දුන්නා.

             කොල්ලෙක්ගේ අකුරු හරි වෙනස්. ඒ අකුරුවලින් අගේ පිළිවෙල කියන්න පුලුවන්. වැඩිය ලස්සන නූනත් නුවන්තගේ අකුරු කියවගන්න පුලුවන් හැබැයි නෝට් එක පුරාම කොල්ලා පුංචියට චුංචියට චිත‍්‍ර ඇදලා. චිත‍්‍ර වලට මාර හැකියාවක් තියෙනවා වගේ. ඒත් එක්කම පුංචියට කවි පදත් ලියලා.

             පව් කොල්ලෙක් තනිවුනාම මයේ හිතේ ඔහොම දේවල් කරනවා. කෙමිසුට‍්‍රි නෝට් එක සම්පූර්ණයෙන්ම ලියා ගන්නවට වඩා මෙ නෝට් එක ෆොටෝ කොපි කරගන්න මගේ හිත කිව්වා. ඒ ඇයි. නුවන්ත මගේ කව්ද? මම මගේ හිතෙන්ම ප‍්‍රශ්න කරනවා. ඒත් එයා ගැන හිතන වෙලාවට මගේ මූනට නිකන්ම හිනාවක් එනවා. කෙල්ලොනම් කියන්නේ තොට මල්සරා විදලා කියලා. නුවන්ත වෙනුවෙන්... අනේ මන්දා

          නොට් එකේ අන්තිම පිටුවෙ නුවන්තගේ අත්සනත් එක්ක තිවුණූ පුංචිම පුංචි නිසදැසත් එක්ක මගේ ඇස් උඩ ගියා......

                                                                                                          දුටුව මුව කමල ලග..
                                                                                                           ආදරෙ කියාගන්න.....
                                                                                                             මම හරි අසරණයි...
                                                                                                                  ඔය ඇස් දැකගන්න..
                                                                                                      මම හැමදාමත් පින් කරනවාද රත්තරන්

                                                                                                                මගේ පන...................
                                                                                                                   නුවන්ත.

            ඇත්තටම නුවන්තට කාව හරි ගර්ල් කෙනෙක් ඉන්නවද? පපුව පුරාවට හුරනවා වගෙ වෙදනාවක් දෙන්න පටන් ගත්තා. හිස් තැනේ නම කවුද? කවුරුහරි නිමන්තගේ හිත හොරාගෙනද? ඇයි මට මෙච්චර කදුලු?

හෙටත් හමුවෙමු සිහිනසිත්තමෙන්....

Wednesday, January 2, 2013

රාත‍්‍රිය නිමා වෙලා...
මුලු රාත‍්‍රියම මට නින්ද නොදුන් ඇය
කොහි ගිහින්ද...
ඇයගේ රුව දකින්න මම ආයෙත්
ඇස් තදින් පියාගන්නවා..
එහෙත් ඇය යන්න ගොසින්...
හැමදාමත් මම මටම මුමුනන්නේ
නින්දේද සිටියේ ඔබ ....
මගේ පතිනිය වෙලා..........................





හැමදාමත් ඔයාගේ ආදරෙ හින්දාම දුක උරුම වුණු මට
දවසක හිනැහෙන්න අවස්ථාවක් ලැබෙවි....
මම ඒක දන්නවා.
ඒත් .............
හැමදාමත් මම ඔයාගෙන් ලැබුණු ආදරෙ ගැන හිතනවා......
ඒ ඇයිද කියලා මමවත් දන්නේ නෑ............................

Tuesday, January 1, 2013

....
......
..
.....
මුලු මහත් ලෝකයකට හොරා
මං දෝතින් දරන්න
පෙරුම් පිරු පුංචි රෝස මලක් තිබුනා.....
කාටත් හොරා
ඒ රෝස මල දිහා බලන හැම වෙලාවකම
මට හිතුනේ
මං මුලු මහත් ලෝකයක් දිනුවා කියලා.....
කාටත් හොරා
මං පෙම් කෙරු ඒ පුංචි රෝස මල
මිලිනව ගියේ
මගේ මුලු ලෝකයෙන්ම එළිය උදුරගත්තා වගේ.....
ඒ ගැන හිතන හැම වෙලාවකම මට හිතෙන්නේ
ඔයා පුංචි රෝස මල වෙනකොට
මම නටුව උනා කියලයි......
නටුවටත් නොකියාම
පුංචි රෝස මල මිලිනව ගියේ ඇයිද?,,,,
පුංචි රෝස මල ගැන කල්පනා කරන හැම මොහොතකම
පපුව පැලෙන්න තරම් දුකක් දෙන්නේ.....
මම ඔයාට.....
ඒ තරම්ම...
ආදරය කල හින්දද?............
රත්තරන්...........
මම හැමදාමත් ඒ ආදරයට ඇදරෙයි.....................................

දුරකථනය නාද වෙන හැම වෙලාවකම
මට හිතෙන්නේ ඒ ඔයාගෙන් කියලා
පපුවෙ කොහෙන්ද මන්දා ඇතිවෙන වෙදනාවත් එක්ක
ඉක්මනට දුරකථනය අරගෙන ඒ හඩට කන් දුන්නට
ඒ ඔයා නෙමෙ.....
ඇත්තමයි ඔයා කවදහරි මට කථා කරයි කියන බලාපොරෝත්තුව
මාව ජීවත් කරවනවා වෙන්න ඇති............
නොලැබෙන බව දැන දැනම
තනි තරුවකට පෙම් කලෙමි..
අදද ඇය යනෙන මාවත
ඇයට නොපෙනෙන්නට බලන් හිදින්නේ
අපිරිමිත සෙනෙහසකිනි...
එය ඔබට තේරුනි නම්...................