Sunday, December 30, 2012


සචිනි දූ අද අප්පච්චිත් එක්කම ක්ලාස් යන්න පුලුවන්. අම්මාගේ කථාවත් එක්ක ඇදට වෙලා ලස්සන හීනයක් දැක දැක උන්නු මම උඩ ගිහින් ඇහැරුනා. තාත්තව තරහා ගැස්සුවොත් මට ඉතින් අද දවසම වැඩක් කරගන්න වෙන්නේ නැති හින්දම ඉක්මනටම ලෑස්ති වෙලා කාර් එකේ ඉස්සරහ ෂීට් එකට බර වුනා.
අපරාදේ අද තාත්තා පුංචි මාමලෑ දිහා නොගියනම් මම බස් එකේ අපේ සෙට් එකත් එක්ක කඩයක් දාන් යනවනේ. අද ඉතින් පලයන්කො සුධර්මාරාම පාරෙ තනියමම. දූ මම ඔයා ඔරලෝසු කණුව ලගින් දාන්නම්. මට අස්ගිරිය පාරෙන් කටුගස්තොටට යන්න පුලුවන්නේ. අද ට‍්‍රැෆික් ජෑම් එක වැඩි. ඔරලෝසු කණුව ලගින් බැහැගත්ත මම නුවර ඩයලොග් එක ලගට ආවා විතරයි. කොල්ලෝ සෙට් එකක් මගේ පස්සෙන් සූව දාගෙන එනවා. අද නම් මට එදා වුණු දේමයි වෙන්නේ. කව්රුත් ඇත්තෙ නෑනේ. තාත්තා කරපු වැඩෙ හින්දා තමා සේර. නංගි පොඩ්ඩක් ඉන්නකො කියන ගමන්ම කොල්ලෙක් මන් ඉස්සරහට ආපි. මූ මගෙන් අහන දේවල් මට යාන්තමට වගේ ඇහෙන්නේ. දැන් නම් කකුල් දෙකත් පන නෑ. ඊයේ කොල්ලටත් මෙ දේමනේ වෙන්න ඇත්තේ. ගුඩ් මෝනිං දිනේෂයා. මොකෝ අපේ නංගි අල්ලන් බයිට් කරන්නේ. යකෝ මෙ අපේ ලොකු තාත්තගේ දුව. යකෝ මට ලොකු තාත්තලත් නැතිව කව්ද මේ මාව ගලවන්න හදන්නේ.
හතට ශක්තියක් අරන් මූන උස්සලා බැලුවමයි දැක්කේ ඊයේ අපේ බයිට් එක. කැෂුවල් ඇදුමට කොල්ලා තවත් ලස්සනයි. ඉස්කූල් කිට් එකේදී කොල්ලෙක්ගේ හැඩ පෙනෙන්නේ නෑ. මොකද නීතී ගොඩකට යටවෙලානේ ඉන්නේ කොණ්ඩෙ වුනත් පීරන්නේ මහ නෝන්ඩි විදිහට. ඒත් අද මාරම ලුක් එකක්. කොහෝම හරි කොල්ලා මාව බෙරුවා. මූත් යන්නේ සුධර්මාරාමේ ක්ලාස් එකට. ඔයාගේ නම මොකක්ද? කොල්ලා ඉස්සර වුනා. සචිනි. සචිනි අනූපමා යටිරාවන.

හෙටත් හමුවෙමු සිහින සිත්තම තුලින්

No comments:

Post a Comment