Thursday, February 28, 2013

සිහින සිත්තම 14

සිහින සිත්තම 14දුවෙ ඔයාට නිමල් අන්කල්ගේ දුවගේ වෙඩින් එකට යන්න වෙනවා. දවස් දෙක තුනක් එහෙ ඉන්න වෙයි. අම්මා එහෙම කියනකොට මගේ දාඩිය දලා තිබුනු මුහුනට හිම වැටුනා වගේ සනීපයක් දැනුනා. ඒත එක්කම ලොකු හුස්මක් පිටවුනා. ඇයි දුවෙ ඔයා යන්න කැමති නැතිද?


නෑ අම්මෙ නිවාඩු දවස් හින්දා මම යන්නම්. මටත් ගෙදරට වෙලා ඉදලම එපා වෙලා තිබුනෙ. නුවන්ත මොනවා කියයිද දන්නේ නැ. ඒත් නුවන්ත එනකම් ගෙදර ඉන්නවට වඩා හොදයි කාත් එක්ක හරි කථා කරන්න තියෙනවනම්. මෙ පාලුව මැකිලා යාවි.

මම හිමින් මිදුලෙ තිබුණු බංකුවෙ වාඩිවුනා. ඈතින් පෙනෙන කුදුවැටි වලින් අපූරු සිත්තම් මැවිලා පෙනෙනවා. හුළගට ඇදිලා එන වලාකුලු ඒ කදු මුදුන්වල එකතු වෙනාවා. හරියට ගෙදරක පියස්ස වගේ ඒ හැම කදුගැටයක් උඩම පුංචි පුංචි වලාකුලු කැටිති එක්වෙලා කදුගැට වලට හෙවන දෙනවා. ඒත් හමාගෙන එන හුලගට වලාකුලු පාවෙලා යනවා ඒ වෙලාවට විතරක් ඉර හෙමින් කදු ගැට දිහා බලනවා.

ඇත්තටම ජීවිතෙත් ඒ වගේ නුවන්ත හරියට වලාකුලු වගේ ඒත් එයා නැති වෙලාවට අම්මලා ඉර වගේ. සොබා දහමෙ හැම දෙයක්ම අපේ ජීවිතෙය බද්ධ වෙන්නෙ මොන තරම් අපූරු විදිහටද. සචිනි අක්කි ඔයා මොකද මෙතනට වෙලා කරන්නේ. නංගිගේ කෑ ගැහිල්ලත් එක්ක මම හැරිලා බලනකොටයි දැක්කෙ කෙල්ල මගේ ලගටම වෙලා ඇස් කරකවා කරකවා බලන් ඉන්නවා.

අක්කි මොනවද ඔයා කල්පනා කරන්නේ? ඇයි ඔච්චර දුකින් ඉන්නේ? ඔයාට අසනීපයක්ද?

අනේ නෑ නංගි මම අර කදු උඩින් තියෙන වලාකුලු දිහා බලන් හිටියේ ඔයා දැක්කද ඒවා කදු වලට හෙවන දෙන හැටි.

හපො මෙයා සහිත්‍ය කාමිනියක් වෙලානේ අක්කි. මට ඔවා තේරෙන්නේ නෑ අනේ. ඔයා ඉස්කොලේ පටන් ගන්නකන් ඉන්නේ දුකින් නේද? මට තේරෙනවා ඔයාගේ මූන දිහා බැලුවම.

ඇයි නංගි ඔයා එහෙම කියන්නේ?

නෑනෑ අරයා දැකගන්නත් ලැබුනේ නෑනේ.

නංගි කා ගැනද ඔයා කියන්නේ.......................

හෙටත් හමුවෙමු සිහින සිත්තමෙන්......................

Monday, February 18, 2013

සිහින සිත්තම 13


මම ගෙදරට ගොඩවුනා විතරයි. මම දැක්කෙ පුටුවට බරවෙලා අප්පච්චිත් එක්ක ලොකු කථාවක ඉන්න නිමල් අන්කල්. මම දැක්ක ගමන් නිමල් අන්කල් හිනාවෙලා දුව දැන්ද ආවෙ කියලා ඇහුවට මට මොකක්දෝ සැකයක් වගේම බයකුත් හිතට ආවා. නිමල් අන්කල් අප්පච්චිත් එක්ක කිව්වද දන්නේ නෑ ටවුන් එකේදි වුන දේ.

ඔව් අන්කල් ක්ලාස් ගිහින් එන ගමන් කියාගෙනම මම හිමින් සීරුවෙ කාමරයට වැදුනා. අනේ දෙවියනේ කියන්නනම් එපා. මේ වෙන කොට කියලද දන්නෙත් නෑ. හැබැයි ඉත්න් නිමල් අන්කල් නොකියා ඉන්න එකකුත් නෑ. මම කාමරෙ ජනේලය ඇරලා එළිය බැලුවා. ගෙදර ඉස්සරහින් ඇති ටූනා ගහේ පුංචි සුදු මල් හිම පියලි වැටෙනවා වගේ බිමට වැටෙනවා. ගහ යට සුදු පාට පුංචි පුංචි මල් අමුතු සිතුවමක් ඇදලා.

නිමල් අන්කල් ගෙදරින් එළියට යනකම්ම මම ගෙදර කාටවත් මූණ දුන්නේ නෑ. කෑම එකත් කාමරේට ගෙන්නගෙන කෑවෙ. දූ සචිනි, අම්මගේ කට හඩත් එක්ක හදවතේ ගැස්ම වැඩි වුනා.

ඇයි අම්මෙ, මොකෝ ළමයෝ ආව වෙලාවෙ ඉදන් කාමරයටම වෙලා ලෙඩක්වත්ද. අනේ නෑ අම්මෙ මට ටිකක් නින්ද ගියා අව්වෙනෙ ආවෙ ඒ හින්දා වෙන්න ඇති. ඇයි අම්මෙ නිමල් අන්කල් ආවෙ. මගෙ කට ඉස්සර වුනාදෝ කියලා මට හිතුනා.

අහපු එක හොදයි. මම කියන්න හිටියේ නැත්තම් අමතක වෙනවා. මම ඉල්ලන් කෑවද? අපරාදේ. දැන්නම් ලෝකෙත් එක්ක කැරකෙනවා වගේ. කාටද කථා කරේ? ඇය් ඒ දැන්නම් ප‍්‍රශ්න කෝටියයි.

හෙටත් හමුවෙමු සිහින සිත්තමෙන්............

Friday, February 8, 2013

සිහින සිත්තම 12

සිහින සිත්තම 12

හිමින් හිමින් නුවර වැව වටෙට සංඝරාජ මාවත දිගේ ආව මට නුවර වැව පිසගෙන එන හුලග ගත දැවටුනා. වෙනදා මෙ හුලග ගෙනාවෙ හදවතට නැවුම් බවක් එත් අද මහ මූසලකමක්. වෙනදා මෙ හුළග සුවදයි ඒත් අද සුළගත් එක්ක ආවෙ කොක්කුන්ගේ අසුචී වල නැහැය කකාරවන පිළිණු ගඳ.

ඒ හුළගත් එක්කම වැව වටෙට හිටවලා තිබුණු මැයි මාර ගස් වල කොළ සිලි හඩින් බිමට වැටුනා. අද මමත් ඒ කොළ වගේ. අරමුණක් නැතිව ඇවදන් යනවා. තවත් හුළගකට බිම වැටිලා තිබුණු කොළ සරස් හඩින් මාවත දිගේ ඇදිලා යනවා. ඔයා ගැන මතකෙන් මගේ හිතත් ඒ විදිහටම සීරුම් දෙනවා.


නුවන්ත ඔයා ඉක්මනට නුවර එන්නකො. මම අහලා තියෙනවා කෙනෙක් එක දෙයක් ගැන හුගක් තමන්ගෙ හිතින් පතනව නම් ඒ දේ ඇත්ත වෙනවලු. මම හිමින් හිමින් පාරෙ එහා කොනට යනකොටම මගේ ෆෝන් එක රිංග් වෙන්න පටන් ගත්තා.

ඉක්මනට ෆෝන් එක අරන් බලන කොට ඒ ඔයා. නුවන්ත, ඔයාට පුලුවන්ද මාව මෙහෙම තන්කරලා ඉන්න. ඇත්තමයි මට එහෙමම කියවුනා. මටත් ඉන්න බෑ රත්තරන්. ඒත් අම්මට අසනීපයි. මට ටික දවසක් දෙන්න මම එනවා ඉක්මනට. ඒත් මම කොහොමද මෙ පාලු නුවර ඔයාගේ මූන බලන්නෙ නැතිව ඉන්නේ. සචිනි ඔයා ටික දවසක් දෙන්න මම ඉක්මනට එනවා.

හා ඉතින්. මම නුවරින් කොළඹට ඇරෙන්න ගාල්ලට ඇවිත් නැනේ. නැත්තම් එනවා හොයාගෙන. හාහා එන්නකො සචිනි මම බලාගෙන ඉන්නවා. නුවන්ත ඔයාට විහිලු නේද? ඇයි එහෙම කියන්නෙ සචිනි. මමත් ඔයා ගේ මුණ දැකගන්න බැරිව හවස බීච් එකට වෙලා බැහැගෙන යන ඉර දිහා බලන් ඉන්නේ.

කොල්ලා එහෙම කියලා දිග හුස්මක් පිට කරා. ඒක නෙමෙ සචිනි ඔයා කොහෙද ඉන්නේ. මම නුවර ටවුන් එකට ආවා නුවන්ත. ඒත් අද මෙ ටවුන් එක මහ පාලුයි. කොච්චර මිනිස්සු මෙ පාරවල් වල ඇවිද්දත් මම එක මුණක් හොයනවා. මම දන්නේ නෑ ඒ ඇයිද කියලා. සමහර විට මට හුගක් මතක් වෙන වෙලාවටම ඔයා ගන්නෙ ටෙලි පති හින්දා වෙන්න ඇති.

ඔන්න සචිනි බර වචනයක් කිව්වා. කමක් නෑ සුදු නංගි මම ඉක්මනටම එනවා දැන් තියන්නද? එපා එපා තිව්වොත් මම තරහයි. නංගි පාර බලාගෙන යනවා ෆෝන් එක කනේ ගහගෙන කොහෙද යන්නේ. මම ගැස්සිලා වට පිට බැලුවා. මම හිටියේ පාර මැද. දෙයියනේ නුවන්ත මම තියන්නම් බුදු සරණයි පරිස්සමින් ඉන්න.

මම මට නෙවෙයි වගේ එතනින් අයින් වුනා. ඒත් සුපුැදු ඇහැක් මා දිහා එල්ලවෙලා කියලා දැක්කේ ඒ වෙලාවේ. නිමල් අන්කල්.......................

සිහින සිත්තමෙන් හමුවෙමු..........................