Monday, December 24, 2012

අන්තිම පීරියඩ් එක කොහොමත් බෝරින්. මම බලන් හිටියේ කොයිවෙලාවෙද ජීව විද්‍යාව පාඩම ඉවරකරන්නෙ කියලා. පන්තියේ ජනේලයෙන් පෙනෙන්නෙත් කිරි මුහුද. අනේ නංගියාගේ අතත් අල්ලන් සංඝරාජ මාවතේ දිගේ අම්පිටිය බස්හෝල්ට් එකට යන හැටි මට මැවිලා පේනවා. හුරෙ පීරියඩ් එක නම් ඉවරයි. අපේ සෙට් එකත් එක්ක මහමයාවෙන් එළියට වැටුණු මම නංගියාවත් අල්ලගෙන අම්පිටිය බස්හෝල්ට් එකට ආවා.

සඝරාජ මාවත දිගේ නුවර වැව වටෙ ඇවිදන් ආව අපෙ සෙට් එක අම්පිටිය බස් නැවතුමට ගොඩවුනා විතරයි. මෙතෙක් කාලයක් වහන් වෙලා හිටිය රූපයක් බස් නැවතුමෙ. කොහොමත් කොල්ලෙක් කියන්නේ බාලිකා විද්‍යාලයක අපිට මාර බයිට් එකක්. තනියම අහුවුනොත් අපෙ උන්ගෙන් ගැලවිල්ලක් නෑ.
මොකක් හරි දෙයකට ඉස්කොලෙට එන කොල්ලෙකුට කලර්ස් පෙන්වන්න මාර උනන්දුවක් තියෙන්නේ. එකාට එකා හොරෙන් මාර මාර වැඩ කරනවා. වෙලාවකට හිතෙනවා ගර්ල්ස් බෝයිස් කියලා අපරාදේ ඉස්කෝල හැදුවේ. මෙක හරියට ලුණූ නැති හොද්දක් වගේ ජීවිතයක්. කොහොම උනත් මූනම් රාජන්ස් කෙනෙක්. ධර්මරාජේ කොල්ලන්ට අපේ කෙල්ලෝ පන ඇරලා.
හා මල්ලි කොහෙද මෙ. බයිට් එක පටන් ගත්තේ කැස්බෑවි. නුවර වැවෙ ඉබ‘බෙක් පෙන්නලා කලණි දවසක් කැස්බෑවා කිව්වා මෙකිට එදා ඉදන් කැස්බෑවි කාඩ් එක ලස්සනට වැදුනා. කෙල්ලො දහයකට දොළහකට මැදිවුන කොල්ලා රතු වෙලා. මූණ බිමට හරවන් ඉන්නවා. මුකුත් කියන්නෙ නෑ. අපේ නංගිත් සෙට් එක මැදට පැනලා මුගෙන් අයිස් ක‍්‍රීම් ගන්න සල්ලි ඉල්ලනවා. නංගි මෙහෙට එනවා මොකද ඔය කරන්නේ. කොල්ලා ගැන ඇත්තටම මට දුකයි.
මටත් දවසක් සුදර්මා රාමේ පන්ති යනවෙලාවක කොල්ලො සෙට් එකකට අහුවෙලා බයිට් වුන හැටි මැවිලා පේනවා. එදා නම් මට ඉහින් කනින් දාඩිය දැම්මා අද මුටත් ඒ දේම වෙලා. හරි හරි මල්ලි කියන්න බලන්න ගම කොහෙද මෙහෙට කඩන් පාත් වුනේ කොහොමද කියලා. නමත් එන හොදේ. ඒ අපේ සිප්පි. පව් අප්පා මුන්ට තේරෙන්නෙම නෑනේ.කොහොම උනත් කොල්ලා හැණ්ඩියා. කොල්ලා බිම බලන් මොනවද කියනවා. අහිංසක ඇස් කාගෙන් හරි පිහිටක් ඉල්ලනවා වගේ. සිප්පි ආයෙත් බර බරෙ ගම ගාල්ලෙද? ඇත්තෙයි, මක්කෙයි, ඔහෙ අරව මෙවා නුවරට වානා මල්ලි එකේ.
කොල්ලාගේ වෙලාව හොදයි අම්පිටිය බස් එක ආවා. සීරුවට නැගගත්ත අපේ පස්සෙන්ම මූත් නැග්ගා බස් එකට.

No comments:

Post a Comment