Monday, December 31, 2012

සිහින සිත්තම 5

      ඒයි අදත් අරූ බස්ටෑන්ඩ් එකේ සිප්පිගේ හඩත් එක්කම මම සුපුරුදු රූපය හෙව්වා. අද නම් කොල්ලා බයිට් කරන්න එපාග ඌ පව් බන් අහින්සකයෙක්. මෙන් බලාපල්ලාකෝ සත්ව කරුනාව වෑහෙනවා. අනේ ඉතින් මෙකිව බෙරගත්තලුනේ සෙනසුරාදා පව් අප්පා අපිට කොහෙන්ද ලොකු තාත්තලාගේ පුතාලා. වස නෝන්ඩිය මුන් නංගි ඉස්සරහා සේරම ඇද බානවා.

     හා නුවන්ත සහෝදරයා අපේ සචිනිව බෙරගත්තට තෑන්ක්ස් ආ. සිප්පි හිනාවකුත් එක්ක කොල්ලාගේ මූනටම කියපි. හැබැයි කෙල්ලො ටික දැන්නම් කොල්ලත් එක්ක ෆිට්. කියලවත් කරගන්න බැරි වුන දෙයක් වුනේ. 

        කොල්ලට හොද මීටරක් තියෙනවා කෙමිස්ට‍්‍රී පැත්තෙන්. අපිට නොතේරෙන හුගක් දේවල් බස් හෝල්ට් එකෙදි අපි අහගන්නෙ නුවන්තගෙන්. ඒ තරම්ම නුවන්ත අිට සමීපයි. ඒ අතරෙ මටත් කොල්ලව දැක ගන්න හැමදාමත් වගේ මොකක්දෝ ආසාවක් ඇතිවෙනවා. දකින්න නැති නම් එදා දවසම මාරම පාලුවක්. සමහර වෙලාවට තනි වුනා වගේ.

           නුවන්තගේ හිනාව සමහර වෙලාවට මට හීනෙනුත් පෙනෙන්න පටන් ගන්නවා ඒ ඇයිද කියලා නම් මම දන්නේ නෑ. සමහර වෙලාවට කොල්ලත් මම ස්කූල් ගියේ නැති දවස්වල යාලුවන්ගෙන් මම ගැන අහනවලු. 

හෙටත් හමුවෙමු සිහින සිත්තමෙන්
සිහින සිත්තම 4

              මම බයෝ ක්ලාස් එකෙන් එළියට එනකොටම කොල්ලා මගේ ඇහැ ගැහුනා. මැත්ස් ක්ලාස් ඉවරද? ඔව් කෝ යාලුවො ටික? නුවන්ත මගෙන් විසේකාර මගේ යාලුවො ගැන අහපි. අද යාලුවො ටික සමන්තිගෙ ගෙදර යනවා. මට අද ගෙදර යන්න ඔන. අම්මලා කොහෙද යන්න ක්ලාස් ඉවර වුන ගමන් එන්න කියලා කිව්වා. 



            ඔයාගේ යාලුවො කෝ? උන් ටික ගෘප් ක්ලාස් එකකටත් යනවනේ. මම යන්නෙ නෑ. ඇයියේ මගේ කට ඉස්සර උනා. ඒක ලොකු කථාවක් කොහොමත් ඔවට වියදම් කරන්න සල්ලි නෑ මට. කොල්ලා ඒක කියනකොට සුදුපාට ඇස් දිලිසුනා. කියාගන්න බැරි ලොකු කථාවක් කොල්ලට තියෙනවා වගේ. අපි දෙන්නාම ටියුෂන් කුමර කුමරියෝ එක්ක සුධර්මාරාම පාර දිගෙ එනගමන්. ඇයි ගාල්ලෙ ඉදන් මෙහෙට ආවෙ? රිච්මනඩ් එක එහෙමත් තියෙනවානේ. ඔව් එත් ඉතින් අයියා රට ඉදන් එවන සල්ලි වලින් ඒ දේ කරන්න බෑනේ. බාප්පා මෙහේ ධර්මරාජයේ උගන්වන හන්දා තමා මෙහේ ආවෙ. එයා තමා මගේ වියදම් බලාගන්නේ. එයාටත් වියදම් කරවන්න බැහැනේ. කොල්ලගේ ඇස් වලට කදුලු කැට ගලන් එනවා. කොල්ලෙක් උනත් තමන්ගේ හිතේ තියෙන දුකක් ලග ගොඩක් අසරණ වෙනවා කියලා දැනගත්තත් ඒදේ දැක්කේ නුවන්තගේ ඇස් වලින්.
               
                 අපේ තාත්තා හදිසියේ අපිව දාලා ගියා. අයියා තමා අපිව බලා ගන්නේ කොල්ලා වම් අත සාක්කුවට දාලා ලේනසුව අරන් ඇස් දෙක පිහ දැම්මා. ඒ වෙලාවෙනම් මගේ කකුල් දෙකත් පන නැතිව ගියා. පපුවේ කොනක් හූරනවා වගේ හැගීමකුත් හීනියට දැනෙන්න පටන් ගත්තා මම දන්නේ නෑ ඒ ඇයිද කියලා. ඒත් මම හිතන්නේ ජීවිතේ මුල්ම වරට මම කොල්ලෙක් වෙනුවෙන් සංවෙදී වුනා.
           
            අපි දෙන්නා කතාවෙන් කතාවෙන් අම්පිටිය බස් හෝලට් එකටම ඇවිත්. මම එහෙම කිව්වෙ කොල්ලාගේ හිත වෙන පැත්තකට යොමු කරන්න. මටත් ඒ කථාව අහන්න උවමනාවක් නෑ. කෙනෙක්ගේ දුක අහනවනම් එයාට අස්වැසිල්ලක් ඒත් මේ දුක අහද්දි මමත් දුක් වෙනවා. ඒ හින්දම මම කොල්ලව වෙන කථාවකට ඇදලා ගත්තා. අයියා කොහෙද ඉන්නෙ? එයා ඔස්ටේ‍්‍රලියාවල න්නේ. මට එක්සෑම් ඉවර වුනාම එහෙට ගෙන්න ගන්නවා කියලැයි කියන්නේ.


හෙටත් හමුවෙමු සිහින සිත්තමෙන්.......

Sunday, December 30, 2012

හවස යන බස් රථේ
දෙවන පෙළ මැද කොනේ
දුටුව රුව හරි අගේ
ගත්තා ඇය සිත මගේ

කෙටි ඇගේ කලු කෙස්
දුන් කුසුඹ මහා අනුහස්
ඇය සොරා ගත් ඇස්
ගන්නෙමිද කොයි ලෙස්

තොලේ උඩ කොටසේ
තිබුණු පොඩි නලු ලපේ
ලස්සනයි මට නගේ
දුන්නු සිරියක් අගේ

හිනැහෙන විටදි මත්
පෙනුනා ඇගේ සුදු දත්
විලස පොඩි කිරි දත්
තවත් කෙරුවා මාව මන් මත්

උඩට ඇදි හැට්ටය
වැසූ ඇගේ යුග්මය
පැැහැරගති කට්ටිය
දාලා බැලුවා මමත් මුට්ටිය

ටාටා ලොකු බස් රථේ
තියෙන රිය සක වගේ
සාරියෙන් වැසු ඇගේ
පුලුලුකුල හරි අගේ

හිමින් ලංකල කට
විමසුවා මෙලෙසට
හෙටත් ඔබ යන්නට
එනවාද මෙකට

කෝළ මුව මඩලින්
දුන්නු බහ කෙලෙසින්
පවසම්ද මෙලෙසින්
යන්න ඔනැ අදත් විගසින්

බත බුලතින්............ සපිරි
දැණුම් දිණුමෙන් ........පිරි
ජීවිතේ කිරි............. ඉතිරි
වෙවා නව වසරකට ..ආසිරි

සචිනි දූ අද අප්පච්චිත් එක්කම ක්ලාස් යන්න පුලුවන්. අම්මාගේ කථාවත් එක්ක ඇදට වෙලා ලස්සන හීනයක් දැක දැක උන්නු මම උඩ ගිහින් ඇහැරුනා. තාත්තව තරහා ගැස්සුවොත් මට ඉතින් අද දවසම වැඩක් කරගන්න වෙන්නේ නැති හින්දම ඉක්මනටම ලෑස්ති වෙලා කාර් එකේ ඉස්සරහ ෂීට් එකට බර වුනා.
අපරාදේ අද තාත්තා පුංචි මාමලෑ දිහා නොගියනම් මම බස් එකේ අපේ සෙට් එකත් එක්ක කඩයක් දාන් යනවනේ. අද ඉතින් පලයන්කො සුධර්මාරාම පාරෙ තනියමම. දූ මම ඔයා ඔරලෝසු කණුව ලගින් දාන්නම්. මට අස්ගිරිය පාරෙන් කටුගස්තොටට යන්න පුලුවන්නේ. අද ට‍්‍රැෆික් ජෑම් එක වැඩි. ඔරලෝසු කණුව ලගින් බැහැගත්ත මම නුවර ඩයලොග් එක ලගට ආවා විතරයි. කොල්ලෝ සෙට් එකක් මගේ පස්සෙන් සූව දාගෙන එනවා. අද නම් මට එදා වුණු දේමයි වෙන්නේ. කව්රුත් ඇත්තෙ නෑනේ. තාත්තා කරපු වැඩෙ හින්දා තමා සේර. නංගි පොඩ්ඩක් ඉන්නකො කියන ගමන්ම කොල්ලෙක් මන් ඉස්සරහට ආපි. මූ මගෙන් අහන දේවල් මට යාන්තමට වගේ ඇහෙන්නේ. දැන් නම් කකුල් දෙකත් පන නෑ. ඊයේ කොල්ලටත් මෙ දේමනේ වෙන්න ඇත්තේ. ගුඩ් මෝනිං දිනේෂයා. මොකෝ අපේ නංගි අල්ලන් බයිට් කරන්නේ. යකෝ මෙ අපේ ලොකු තාත්තගේ දුව. යකෝ මට ලොකු තාත්තලත් නැතිව කව්ද මේ මාව ගලවන්න හදන්නේ.
හතට ශක්තියක් අරන් මූන උස්සලා බැලුවමයි දැක්කේ ඊයේ අපේ බයිට් එක. කැෂුවල් ඇදුමට කොල්ලා තවත් ලස්සනයි. ඉස්කූල් කිට් එකේදී කොල්ලෙක්ගේ හැඩ පෙනෙන්නේ නෑ. මොකද නීතී ගොඩකට යටවෙලානේ ඉන්නේ කොණ්ඩෙ වුනත් පීරන්නේ මහ නෝන්ඩි විදිහට. ඒත් අද මාරම ලුක් එකක්. කොහෝම හරි කොල්ලා මාව බෙරුවා. මූත් යන්නේ සුධර්මාරාමේ ක්ලාස් එකට. ඔයාගේ නම මොකක්ද? කොල්ලා ඉස්සර වුනා. සචිනි. සචිනි අනූපමා යටිරාවන.

හෙටත් හමුවෙමු සිහින සිත්තම තුලින්

Monday, December 24, 2012

අම්ප්ටිය බස් එකෙන් මමයි නංගියි ඉක්මනට බැහැගත්තා. හොරෙන්ම වගේ අහිංසකයාගේ මූණ බැලුවෙ ඇයිද කියලානම් මට හිතාගන්න බෑ. හැබැයි ඒ මූණ දකින්න මොකක්දො කැමැත්තක් මගේ හිතේ තිබුණා. මුගේ මූණ තාම බිමට බරවෙලා. ඒ මදිවට අපේ සෙට් එක බස් එකේදීත් මූව බයිට් කරා.
මාලී අම්මයි අප්පච්චියි ආවෙ නැතිද? අපේ මිදුලේ තණ කොළ කපන ගෙදර වැඩකරන මාලිනිගෙන් අහන ගමන්ම මම ගෙදරට ගොඩවුනා. ඔහේ නෑ සචිනි බෙබී. අද උසාවියේ නඩු ගොඩක් තියෙනවා කියලානේ ගියේ. මයේ හිතේ හුගක් හවස්වෙයි ලොකු හාමු මහත්තයයි මැණිකෙටයි ගෙදර එන්න.
හා එහෙමද ඔව් ඉතින් අපේ අම්මටයි තාත්තටයි වෙන කාගෙවත් නඩුනේ අහන්න තියෙන්නේ. දරුවන්ගේ නඩු අහන්නේ නෑනේ. ඇත්තටම මාර කේන්තියි. අම්මාවත් ගෙදර ඉදලා කෑම ටික හදලා දෙනවනම්. ඒත් ඒ පින අපි දෙන්නා කරලා නෑ. අම්මයි තාත්තයි දෙන්නම එයාලගේ පරම්පරාවෙන් උරුම වුණු නීතී වෙදීන් වූනේ පරම්පාරාවෙ නම්බුව රැුක ගන්නයි.හාමු කම රැුක ගන්නයි විතරයි. මම සයන්ස් කරත් එයලගේ කැමැත්ත මාව ලෝ කොලේජ් යවන එක. ඒත් දෙයියනේ මම කැමති පාඩුවේ ගෙදරට වෙලා හොද බිරිදක් විදිහට වැඩකරන්න. ඒත් ඉතින් පුංචි කාලේ ඉදන්ම දොස්තර නෝනා කෙනෙක් වෙන්න තිබුණු හීනේ හිත අස්සේ මූදු වෙනවා. ඒ හිනෙටත් තටු දෙන්න ආසයි. ඒත් අම්මාගේ උණුහුම නැතිවෙන කොට අනාගතේ මගේ දරුවනුත් මම වාගෙම අසරණ වෙයි කියන දුක නම් තියෙනවා. මම හිතන්නේ ඒක හැම ගෑනියෙකුටම පොදු දෙයක් වෙන්න ඇති.
අපේ ගෙදර දුරකථනය නාද වෙනකොට තමා මම පියවි සිහියට ආවෙ. එහා පැත්තෙන් සිප්පිගේ ගෙජ්ජි හඩ. උඹ හෙට ක්ලාස් එනවද? අරු නම් මාර බයිටක් කෑවේ අද ඈ. උඹලත් හිටියනම් මරු. පව් බාන් ඌ හෙන අහින්සකයෙක්. මගේ කට ඉස්සර වුනාදෝ කියලා හිතුනේ සිප්පිගේ ඊලග කථාවත් එක්ක. ඇයි උඹට මල් සරාවත් විද්දද?
අන්තිම පීරියඩ් එක කොහොමත් බෝරින්. මම බලන් හිටියේ කොයිවෙලාවෙද ජීව විද්‍යාව පාඩම ඉවරකරන්නෙ කියලා. පන්තියේ ජනේලයෙන් පෙනෙන්නෙත් කිරි මුහුද. අනේ නංගියාගේ අතත් අල්ලන් සංඝරාජ මාවතේ දිගේ අම්පිටිය බස්හෝල්ට් එකට යන හැටි මට මැවිලා පේනවා. හුරෙ පීරියඩ් එක නම් ඉවරයි. අපේ සෙට් එකත් එක්ක මහමයාවෙන් එළියට වැටුණු මම නංගියාවත් අල්ලගෙන අම්පිටිය බස්හෝල්ට් එකට ආවා.

සඝරාජ මාවත දිගේ නුවර වැව වටෙ ඇවිදන් ආව අපෙ සෙට් එක අම්පිටිය බස් නැවතුමට ගොඩවුනා විතරයි. මෙතෙක් කාලයක් වහන් වෙලා හිටිය රූපයක් බස් නැවතුමෙ. කොහොමත් කොල්ලෙක් කියන්නේ බාලිකා විද්‍යාලයක අපිට මාර බයිට් එකක්. තනියම අහුවුනොත් අපෙ උන්ගෙන් ගැලවිල්ලක් නෑ.
මොකක් හරි දෙයකට ඉස්කොලෙට එන කොල්ලෙකුට කලර්ස් පෙන්වන්න මාර උනන්දුවක් තියෙන්නේ. එකාට එකා හොරෙන් මාර මාර වැඩ කරනවා. වෙලාවකට හිතෙනවා ගර්ල්ස් බෝයිස් කියලා අපරාදේ ඉස්කෝල හැදුවේ. මෙක හරියට ලුණූ නැති හොද්දක් වගේ ජීවිතයක්. කොහොම උනත් මූනම් රාජන්ස් කෙනෙක්. ධර්මරාජේ කොල්ලන්ට අපේ කෙල්ලෝ පන ඇරලා.
හා මල්ලි කොහෙද මෙ. බයිට් එක පටන් ගත්තේ කැස්බෑවි. නුවර වැවෙ ඉබ‘බෙක් පෙන්නලා කලණි දවසක් කැස්බෑවා කිව්වා මෙකිට එදා ඉදන් කැස්බෑවි කාඩ් එක ලස්සනට වැදුනා. කෙල්ලො දහයකට දොළහකට මැදිවුන කොල්ලා රතු වෙලා. මූණ බිමට හරවන් ඉන්නවා. මුකුත් කියන්නෙ නෑ. අපේ නංගිත් සෙට් එක මැදට පැනලා මුගෙන් අයිස් ක‍්‍රීම් ගන්න සල්ලි ඉල්ලනවා. නංගි මෙහෙට එනවා මොකද ඔය කරන්නේ. කොල්ලා ගැන ඇත්තටම මට දුකයි.
මටත් දවසක් සුදර්මා රාමේ පන්ති යනවෙලාවක කොල්ලො සෙට් එකකට අහුවෙලා බයිට් වුන හැටි මැවිලා පේනවා. එදා නම් මට ඉහින් කනින් දාඩිය දැම්මා අද මුටත් ඒ දේම වෙලා. හරි හරි මල්ලි කියන්න බලන්න ගම කොහෙද මෙහෙට කඩන් පාත් වුනේ කොහොමද කියලා. නමත් එන හොදේ. ඒ අපේ සිප්පි. පව් අප්පා මුන්ට තේරෙන්නෙම නෑනේ.කොහොම උනත් කොල්ලා හැණ්ඩියා. කොල්ලා බිම බලන් මොනවද කියනවා. අහිංසක ඇස් කාගෙන් හරි පිහිටක් ඉල්ලනවා වගේ. සිප්පි ආයෙත් බර බරෙ ගම ගාල්ලෙද? ඇත්තෙයි, මක්කෙයි, ඔහෙ අරව මෙවා නුවරට වානා මල්ලි එකේ.
කොල්ලාගේ වෙලාව හොදයි අම්පිටිය බස් එක ආවා. සීරුවට නැගගත්ත අපේ පස්සෙන්ම මූත් නැග්ගා බස් එකට.
සිහින සිත්තම....

හෙට ඉදන් පුලුවන් විදිහට ලියනවා.
ගල් මුල් වලට ඔන තරම් ඉඩ තියෙනවා ඔන්................