Monday, December 24, 2012

අම්ප්ටිය බස් එකෙන් මමයි නංගියි ඉක්මනට බැහැගත්තා. හොරෙන්ම වගේ අහිංසකයාගේ මූණ බැලුවෙ ඇයිද කියලානම් මට හිතාගන්න බෑ. හැබැයි ඒ මූණ දකින්න මොකක්දො කැමැත්තක් මගේ හිතේ තිබුණා. මුගේ මූණ තාම බිමට බරවෙලා. ඒ මදිවට අපේ සෙට් එක බස් එකේදීත් මූව බයිට් කරා.
මාලී අම්මයි අප්පච්චියි ආවෙ නැතිද? අපේ මිදුලේ තණ කොළ කපන ගෙදර වැඩකරන මාලිනිගෙන් අහන ගමන්ම මම ගෙදරට ගොඩවුනා. ඔහේ නෑ සචිනි බෙබී. අද උසාවියේ නඩු ගොඩක් තියෙනවා කියලානේ ගියේ. මයේ හිතේ හුගක් හවස්වෙයි ලොකු හාමු මහත්තයයි මැණිකෙටයි ගෙදර එන්න.
හා එහෙමද ඔව් ඉතින් අපේ අම්මටයි තාත්තටයි වෙන කාගෙවත් නඩුනේ අහන්න තියෙන්නේ. දරුවන්ගේ නඩු අහන්නේ නෑනේ. ඇත්තටම මාර කේන්තියි. අම්මාවත් ගෙදර ඉදලා කෑම ටික හදලා දෙනවනම්. ඒත් ඒ පින අපි දෙන්නා කරලා නෑ. අම්මයි තාත්තයි දෙන්නම එයාලගේ පරම්පරාවෙන් උරුම වුණු නීතී වෙදීන් වූනේ පරම්පාරාවෙ නම්බුව රැුක ගන්නයි.හාමු කම රැුක ගන්නයි විතරයි. මම සයන්ස් කරත් එයලගේ කැමැත්ත මාව ලෝ කොලේජ් යවන එක. ඒත් දෙයියනේ මම කැමති පාඩුවේ ගෙදරට වෙලා හොද බිරිදක් විදිහට වැඩකරන්න. ඒත් ඉතින් පුංචි කාලේ ඉදන්ම දොස්තර නෝනා කෙනෙක් වෙන්න තිබුණු හීනේ හිත අස්සේ මූදු වෙනවා. ඒ හිනෙටත් තටු දෙන්න ආසයි. ඒත් අම්මාගේ උණුහුම නැතිවෙන කොට අනාගතේ මගේ දරුවනුත් මම වාගෙම අසරණ වෙයි කියන දුක නම් තියෙනවා. මම හිතන්නේ ඒක හැම ගෑනියෙකුටම පොදු දෙයක් වෙන්න ඇති.
අපේ ගෙදර දුරකථනය නාද වෙනකොට තමා මම පියවි සිහියට ආවෙ. එහා පැත්තෙන් සිප්පිගේ ගෙජ්ජි හඩ. උඹ හෙට ක්ලාස් එනවද? අරු නම් මාර බයිටක් කෑවේ අද ඈ. උඹලත් හිටියනම් මරු. පව් බාන් ඌ හෙන අහින්සකයෙක්. මගේ කට ඉස්සර වුනාදෝ කියලා හිතුනේ සිප්පිගේ ඊලග කථාවත් එක්ක. ඇයි උඹට මල් සරාවත් විද්දද?

No comments:

Post a Comment