Monday, December 31, 2012

සිහින සිත්තම 4

              මම බයෝ ක්ලාස් එකෙන් එළියට එනකොටම කොල්ලා මගේ ඇහැ ගැහුනා. මැත්ස් ක්ලාස් ඉවරද? ඔව් කෝ යාලුවො ටික? නුවන්ත මගෙන් විසේකාර මගේ යාලුවො ගැන අහපි. අද යාලුවො ටික සමන්තිගෙ ගෙදර යනවා. මට අද ගෙදර යන්න ඔන. අම්මලා කොහෙද යන්න ක්ලාස් ඉවර වුන ගමන් එන්න කියලා කිව්වා. 



            ඔයාගේ යාලුවො කෝ? උන් ටික ගෘප් ක්ලාස් එකකටත් යනවනේ. මම යන්නෙ නෑ. ඇයියේ මගේ කට ඉස්සර උනා. ඒක ලොකු කථාවක් කොහොමත් ඔවට වියදම් කරන්න සල්ලි නෑ මට. කොල්ලා ඒක කියනකොට සුදුපාට ඇස් දිලිසුනා. කියාගන්න බැරි ලොකු කථාවක් කොල්ලට තියෙනවා වගේ. අපි දෙන්නාම ටියුෂන් කුමර කුමරියෝ එක්ක සුධර්මාරාම පාර දිගෙ එනගමන්. ඇයි ගාල්ලෙ ඉදන් මෙහෙට ආවෙ? රිච්මනඩ් එක එහෙමත් තියෙනවානේ. ඔව් එත් ඉතින් අයියා රට ඉදන් එවන සල්ලි වලින් ඒ දේ කරන්න බෑනේ. බාප්පා මෙහේ ධර්මරාජයේ උගන්වන හන්දා තමා මෙහේ ආවෙ. එයා තමා මගේ වියදම් බලාගන්නේ. එයාටත් වියදම් කරවන්න බැහැනේ. කොල්ලගේ ඇස් වලට කදුලු කැට ගලන් එනවා. කොල්ලෙක් උනත් තමන්ගේ හිතේ තියෙන දුකක් ලග ගොඩක් අසරණ වෙනවා කියලා දැනගත්තත් ඒදේ දැක්කේ නුවන්තගේ ඇස් වලින්.
               
                 අපේ තාත්තා හදිසියේ අපිව දාලා ගියා. අයියා තමා අපිව බලා ගන්නේ කොල්ලා වම් අත සාක්කුවට දාලා ලේනසුව අරන් ඇස් දෙක පිහ දැම්මා. ඒ වෙලාවෙනම් මගේ කකුල් දෙකත් පන නැතිව ගියා. පපුවේ කොනක් හූරනවා වගේ හැගීමකුත් හීනියට දැනෙන්න පටන් ගත්තා මම දන්නේ නෑ ඒ ඇයිද කියලා. ඒත් මම හිතන්නේ ජීවිතේ මුල්ම වරට මම කොල්ලෙක් වෙනුවෙන් සංවෙදී වුනා.
           
            අපි දෙන්නා කතාවෙන් කතාවෙන් අම්පිටිය බස් හෝලට් එකටම ඇවිත්. මම එහෙම කිව්වෙ කොල්ලාගේ හිත වෙන පැත්තකට යොමු කරන්න. මටත් ඒ කථාව අහන්න උවමනාවක් නෑ. කෙනෙක්ගේ දුක අහනවනම් එයාට අස්වැසිල්ලක් ඒත් මේ දුක අහද්දි මමත් දුක් වෙනවා. ඒ හින්දම මම කොල්ලව වෙන කථාවකට ඇදලා ගත්තා. අයියා කොහෙද ඉන්නෙ? එයා ඔස්ටේ‍්‍රලියාවල න්නේ. මට එක්සෑම් ඉවර වුනාම එහෙට ගෙන්න ගන්නවා කියලැයි කියන්නේ.


හෙටත් හමුවෙමු සිහින සිත්තමෙන්.......

No comments:

Post a Comment